Editor1
පොලිසිය යැයි කියාගනිමින් නාඳුනන පිරිසක් එක්ස්පෝෂර් පිහිටි ගොඩනැගිල්ලට කඩා පනී

(සාරා වෙළගෙදර)
පොලිසිය යැයි කියාගත් සිවිල් ඇදුමෙන් සැරසුන පිරිසක් අද (27) දහවල් අප මාධ්‍ය ආයතනය පිහිටි ගොඩනැගිල්ලට පැමිණ ඡායාරූප කිහිපයක් පෙන්වා එහි සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට උත්සහ කළේ යැයි අප මාධ්‍ය ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියා පවසයි.
මෙසේ පැමිණි පිරිස ගොඩනැගිලි පිවිසුමේ සී සී ටී වී දර්ශන බලහත්කාරයෙන් පරීක්ෂා කිරීමට උත්සහ කර ඇතත් ආරක්ෂක නිලධාරියා ඊට ඉඩ දී නැත.
පසුව එම පුද්ගලයන් පැයකට ආසන්න කාලයක් ගොඩනැගිල්ලේ බිම් මහලේ රැකවල්ලාගෙන සිට පිටත්ව ගොස් තිබේ.