top of page
Sigiriya by Xposure

අපි ගැන

ගුණාත්මක ප්‍රවෘත්ති, ඔබට අවශ්‍ය තැන, ඔබට අවශ්‍ය විට.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති හිඩැස් පුරවමින් පුළුල් හා විස්තරාත්මක මෙන්ම විශ්ලේෂණාත්මක ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් Xposure - එක්ස්පෝෂර් ප්‍රවෘත්ති ආයතනය ආරම්භ කරන ලදි. 

පෞද්ගලික සමාගමක්, ශ්‍රී ලංකාවේ 2007 අංක 07 දරන දරන සමාගම් පනත යටතේ එක්ස්පෝෂර් ප්‍රවෘත්ති ආයතනය ලියාපදිංචි කර ඇත. 

මෙරට මාධ්‍ය සංස්කෘතියේ සහ මාධ්‍ය කර්මාන්තයේ ඇති හිඩැස් පුරවාලමින් නවමු මාධ්‍යකරණයක් වෙනුවෙන් ගමන් කිරීමේ අරමුණ ඇති ව 2022 වසරේ මාර්තු මාසයේ දී එක්ස්පෝෂර් ප්‍රවෘත්ති ආයතනය ආරම්භ කරන ලදි. 

එක්ස්පෝෂර් ප්‍රවෘත්ති ආයතනය මහජන අභිලාෂ, යහපත සහ සුබ සිද්ධිය වෙනුවෙන් ස්ථාපිත මාධ්‍ය ආයතනයකි. 

තරුණ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදෙමින ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුවිධ හැකියාවන්ගෙන් සමන්විත මාධ්‍යවේදීන් හඳුන්වාදීමත් ඒ වෙනුවෙන් පුහුණු ආයතනයක් ලෙස කටයුතු කිරීමටත් එක්ස්පෝෂර් ප්‍රවෘත්ති ආයතනය අපේක්ෂා කරයි. 

මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් සාක්ෂාත් කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් පුළුල් මාධ්‍යකරණයක නිරත වීමටත් ගවේෂණාත්මක මාධ්‍යකරණය තුළින් මහජන සුබසිද්ධිය තහවුරු කිරීමටත් එක්ස්පෝෂර් ආයතනය බලාපොරොත්තු වේ. 

ආචාර ධර්මවලට මුල් තැන දෙන මාධ්‍ය ආයතනයක් වන එක්ස්පෝෂර් ප්‍රවෘත්ති ආයතනය ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කරන අතරේ ම ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ආචාර ධර්ම පිළිගන්නා සහ ඊට අනුකූලව කටයුතු කරන බව ද අවධාරණය කරයි.

bottom of page